Tuesday, July 08, 2025
Follow Us
ආණ්ඩුවේ නියෝග නොතකා ක්‍රෙඩිට් කාඩ් වලට සියයට 28ක පොලියක් !

ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලිය 15% දක්වා අඩු කරන ලෙස රජය විසින් සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකුවලට නියෝග කර තිබියදීත් අදාළ බැංකු අතරින් බොහොමයක් ඒ සඳහා තවමත් 28%ක පොලියක් අය කරන බව වාර්තා වේ.

මේ හේතුවෙන් මෙරටට දශ ලක්ෂ ගණනක් වන ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නන් දැඩි අසීරුවකට පත්ව ඇත.

ඉහත කී බැංකු බොහොමයක් සාමාන්‍ය ඉතුරුම් ගිණුම් සඳහා පොලී අනුපාතය 3%ත් 4%ත් අතර පවත්වාගෙන යන හෙයින් ඔවුන් මේවායින් උපයන ලාභය අතිවිශාල ය.

රජය මගින් ජනතාවට ලබාදෙන සහන රැසක් බැංකු මගින් ක්‍රියාත්මක නොකරන අතර මේ හේතුවෙන්ම බැංකු ප්‍රධානීන් ජනාධිපතිවරයාගේ උදහසට ලක්ව සිටී.

ශ්‍රී ලංකා මහබැංකුවට බැංකු නියාමන ආයතනය ලෙස සිය උපදෙස් පිළි නොපදින බැංකුවලට එරෙහිව ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන්ගේ බලපත්‍ර තහනම් කිරීමට පවා හැකි නමුත් මහබැංකුව කිසිවිටෙක ඒ සඳහා කටයුතු කරන්නේ ද නැත.

 

(LNW)