Thursday, February 12, 2026
Follow Us
ගානියා පැහැර ගැනීමේ තොරතුරු ඇතුළත් පරිගණකය මාස 7 කට පසු හමුවෙයි

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට සම්බන්ධ රහස් තොරතුරු ඇතුළත් පරිගණකය මාස 7 කට පසු කොළඹ නිවසක තිබියදී රහස් පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පරිගණකයේ හිමිකාරිය වූ දර්ෂා බැස්ටියන් නමැත්තිය නොවැම්බර් 21 දා ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ජිනීවා නුවරට ගොස් එතැන් සිට ලන්ඩන් නුවරට ගොස් තිබේ.

ඇය මේ දක්වාම රහස් පොලිසියට කටඋත්තරයක් දී නැත. ගානියා ප‍්‍රැන්සිස් ළඟ තිබූ ජංගම දුරකථනය දර්ෂා බැස්ටියන්ට ලබා දුන් බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ගානියා සිද්ධියට අදාළ තොරතුරු මෙම පරිගණකයේ ඇතැයි රහස් පොලිසිය සැක කරයි. මේ වනවිට රහස් පොලිසිය දර්ෂා බැස්ටියන්ගේ දුරකථන දත්ත ද සොයාගෙන ඇත.

මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කීපදෙනකු එක්වී මෙම බොරු පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි.

(Lanka Leads)