Thursday, February 12, 2026
Follow Us
එජාපයෙන් පැන්නූ 99 දෙනා ගැන තීන්දුව සඳුදා

හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 22වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (16) නියෝග කළේය.

රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා විසින් ගොනුකර ලද පැමිණිල්ල අද දෙවන දිනටත් කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බැලුණි.

(Lanka LEads)