Thursday, February 12, 2026
Follow Us
කප්පාදු කළ අතිකාල දීමනා ඉල්ලා සුව විරුවෝ මහපාරේ

තමන්ට හිමි අතිකාල දීමනා ගෙවන්නැයි ඉල්ලමින් දකුණු පළාතේ රෝහල් කිහිපයකම හෙද හෙදියන් ඊයේ (15) දිනයේත් විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ.

ඒ අතරින් මාතර කඹුරුපිටිය රෝහලේ හෙද හෙදියන් ඊයේ දිනයේදී පැය 05ක් සේවයෙන් ඉවත්ව උද්ඝෝෂණය කරනු දක්නට ලැබිණි.

ඔවුන් පැවසුවේ තමන් ඉල්ලා සිටින්නේ අලුතින් දීමනාවක් නොව, පසුගිය සමයේදී තමන් සේවයෙහි නිරත වූ කාලසීමාවට අදාළව තමන්ට ලැබිය යුතු අතිකාල දීමනාව පමණක් ගෙවා දමන ලෙස බවයි.

එසේම කොරෝනා වසංගත තත්වය හමුවේ තමන්ව සුව විරුවන් ලෙසින් හැඳින්වුව ද අද වනවිට තමන්ට පාරට බැසීමට තත්වය පාලකයින් විසින් නිර්මාණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

(LNW)