Thursday, February 12, 2026
Follow Us
තවත් ශ‍්‍රී ලාංකිකයින් දස දහසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්

තවත් ශ‍්‍රී ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම, එම පිරිස ගෙන්වා ගැනීමෙන් පසු අගෝස්තු මස පළමුවනදා වන විට සිදු කිරීමට අවධානය යොමුව ඇති බවයි.

සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බව ද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මෙහිදී ස`දහන් කළා.

(Neth)