Tuesday, July 08, 2025
Follow Us
සති තුනකින් බාහිර සමාජයෙන් කොරෝනා රෝගියෙකු නෑ - ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක්

රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති 3 ක් ගත වුවද කිසිදු කොරෝනා ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නොමැති බව අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඇය පෙන්වා දෙන්නේ එය රටක් ලෙස ලැබූ ජයක් ලෙසයි.

කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,342 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් ආසාදිතයින් 55 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමගයි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 1,901 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 12 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි. ඒ අනුව තවදුරටත් ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 536 ක්.

මේ අතර කොරෝනා හේතුවෙන් වසා දමා තිබූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් සදහා අද දහවල් 12.00 සිට විවෘත කෙරුණා.

(Neth)