Tuesday, July 08, 2025
Follow Us
සුනිල් ජයවර්ධනගේ අවසන් කටයුතු හෙට

කල්බදු සමාගමක සේවකයින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ඝාතනයට ලක් වු ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට ඊයේ (12) රාත්‍රියේ මෙන්ම අදත් මහජන නියෝජිතයින් අවසන් ගෞරව දැක්විය.

වාසුදේව නානායක්කාර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, හිටපු කථානායක කරූ ජයසුරිය ඇතුළු මහජන නියෝජිතයින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්විය.

මේ අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14) කැස්බෑව පොදු සුසාන භූමියේදි සිදු කිරිමට නියමතයි.