Tuesday, July 08, 2025
Follow Us
නිරෝධායනය අවසන් කර බූස්ස කඳවුරෙන් පිටව ගිය ගණන 302ක්

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමට ද නාවික හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 302 ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 86 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.