අතීත නායකයින් කළ කී දෑ පවසමින් සිටීමෙන් තේරුමක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට පිළිගත හැකි අයුරින් ඔහුගේ ප්‍රතිරූපය ගොඩනඟා ගතයුතු බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඉන්ධන භාවිතය සීමා කිරීමට ගත් ඇතැම් තීරණවලට ඉහළින් බලපෑම් එල්ලවූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් ගැටළු විසඳීම සඳහා තම පාර්ශවයන් ලබාදෙන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී යම් අඩු සැලකිල්ලක් ඇති බවයි.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ කවුරුන්දැයි සොයමින් තර්ක කිරීමෙන් මේ මොහොතේ ප්‍රතිඵලයක් නොමැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර සියලු පක්ෂ යම්කිසි එකඟතාවකට පැමිණිය යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මේ වනවිට රටටම පැහැදිලි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. රටේ ජනතාවගෙන් ලක්ෂ 70 කට 80 කට වැඩි පිරිසක් සාමාජිකත්වය දරන අර්ථසාධක අරමුදලෙන්ද 25% ක් පැහැර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
2021 ඡන්ද හිමි නාමලේඛණය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් තෝරා පත්කර ගැනීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය බලාපොරොත්තුවෙන් හම්බන්තොට නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වුවද මේ වනවිට එම තනතුරු දෙකම අහිමි වී සිටින එරාජ් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයට එක්වීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.
එදා ඇඟලුම් කම්හල් දෙසීය වැඩපිළිවෙළට අපහාස කළ,උපහාස කළ උදවිය අද මේ ව්‍යසනය නිසා යන්තම්වත් හුස්ම ගන්නෙ ඇඟළුම් කම්හල් නිසා බව කියන තැනට පත්වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අධිභාර බදු පනත් කෙටුම්පත මඟින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලින් බදු අය කිරීමට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා තේරී පත්ව තිබෙනවා. ඔහු මීට පෙරද කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
රටට අවශ්‍ය ගෑස් ආනයනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින් ගෘහණියන් යළි දර ලිප් භාවිතයට හුරුවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව ශෝකය පළකිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
කල් දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීම තමන්ට අවශ්‍ය අවස්ථාවක පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
රට මුහුණ පා සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වහාම දැනට ගෙවීමට ඇති ණය ප්‍රමාණය යම් ආකාරයකින් කල්දමා ගැනීම හෝ නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලට අවතීරණ වියහැකි ක්‍රමවේදයක් සකස් කරගැනීම කළයුතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Says SJB economic experts formulating constructive, progressive solution to major problems
Discussing with domestic and international experts to restructure country’s debt
Assures no austerity measures would be imposed on the masses
Says public in dire straits due to malpractice and maladministration of corrupt Government
Calls for unity under progressive banner
The Samagi Jana Balawegaya (SJB) yesterday called on President Gotabaya Rajapaksa to engage in a constructive dialogue with the opposition and all stakeholders to find a sustainable solution to the economic crisis that is crippling the nation.
සමහර ඇමතිවරුන් ලකුණු දමා ගැනීම සඳහා සිදු කරන ක්‍රියා ජනතාව නොඉවසන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. සෞභාග්‍යය උදා කිරීම සඳහා පොරොන්දු වී බලයට පත් වූ ජනාධිපතිවරයාද ලකුණු දමා ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළහොත් එය ඉතා අවසානාවන්ත තත්වයක් වනු ඇති බවයි මුරුත්තෙට්ටුවේ හිමි පවසන්නේ.
Says 300-400 PTA detainees languishing for years without bail
Some have spent 20 to 30 years in detention
Calls for repeal of PTA in toto
Govt. presents Bill to amendment PTA to House
පෙරදිග ධාන්‍යාගාරය යැයි කී ශ්‍රී ලංකාව පසුගියදා අභිමානයෙන් නිදහස සැමරු බවත් ඒ ධාන්‍යාගාරයේ පාරිභෝගික ඇමතිවරයා ජීවත් වෙන්නට පාකිස්තානයෙන් සහල් ඉල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Page 196 of 551