ලබන අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මුදල් ඇමතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අරමුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කිරීමයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධියෙහි අවසන් පරීක්ෂණය සඳහා ඊයේ (27) පෙනී සිටියේය.
අවශ්‍ය අවස්ථාවේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ එකමුතුව හා ශක්තිය පෙන්වීමට සූදානම් බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීම සඳහා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන් ජිනීවා බලා පිටත්ව ගියේය.
රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් වත්මන් ආණ්ඩුවට නොමැති බවත් මේ උද්ගතව ඇත්තේ තාවකාලික ඩොලර් ප්‍රශ්නයක් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
දුන් පොරොන්දු ඉටුකර ගත නොහැකිව ආණ්ඩුව අසමත් වී ඇති බවත්, එම අසමත්කම හමුවේ ජනතාව විකල්පයක් සොයමින් සිටින බවත් එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එජාප ජ්‍යෙෂ්ටයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බවට කුරුසයේ අත ගසා පොරොන්දු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව කළාක් මෙන් හොරුන්ව කනෙන් අල්ලාගෙන ඒමට නොව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කරගත නොහැකි ආණ්ඩුව අද වනවිට රට බරපතළ බලශක්ති අර්බුදයක් කරා ගෙන ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට අලුතින් කරුණු හෙළිවී ඇති බැවින් සියලු දෙනාම එකතුව මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Page 196 of 554