Friday, July 04, 2025
Follow Us
විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

රට තුළ ඉන්ධන අර්බුදයක් නොතිබුනු බවත්, අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශ හේතුවෙන් ඉන්ධන හිගයක් ඇති බවට අග්‍රාමාත මහින්ද රාජපක්ෂ විසින් කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මාධ්‍යවේදියා – අගමැතිතුමා කියලා තිබුණා අමාත්‍යවරු යම් පිරිසක් ව්‍යාජ පුවත් ඉන්ධනයක් ඇති වෙනවා කියලා, ව්‍යාජ පුවත් පලකරපු නිසා තමයි මේක උද්ගත වුනේ. ඉන්ධන අර්බුදයක් තිබුනේ නෑ. ඉන්ධන බාගන්න බැරිව තමයිලු තිබුනේ.
විමල් වීරවංශ – අගමැතිතුමා කිව්වත්, කවුරු කිව්වත් ඒක මහ මෝඩ ප්‍රකාශයක්. මට කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා. මොකද ඉන්ධන හිගයක් ඇතිවෙන්නේ, ඉන්ධන දවසක් දෙකකින් තුනකින් නෑ කියපු නිසා නෙවෙයි. එහෙම නම් ඉදිරියේදී ඉන්ධන සියයට සියයක් ඇතිකරලා පෙන්වන්නකෝ. ඔය කියන විදිහට.

 

(Aruna)