Friday, July 04, 2025
Follow Us
ශ්‍රීලනිපයට ජනපතිගෙන් ඇරයුමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී එදින පස්වරු 4ට පැවැත්වෙන එම සාකච්ඡාවට පක්‍ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දිනයේ පවත්වා තිබෙනවා. විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවකට එන ලෙස ජනාධිපතිවරයා කර ඇති ආරාධනය සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එම පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයන් කිහිපදෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මෙන්ම හවුල්කාර පක්‍ෂවල නායකයන් එක්ව තිබෙනවා.

(Neth)