බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ දින විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය ඉතා බරපතල හෙයින් වහාම බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා වලින් නිදහස් කර තිබේ.
සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන්ට මේ වැටී ඇති රට ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකවරු සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අතර, විශේෂ සාකච්ඡාවක් මේ වන විට නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා එක්ව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලාසනයේ තබාගෙන “මුළු රටම හරි මගට” ගන්නට කතා කිරීම ලෝක විහිළුවක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇමති ධුරවලින් ඉවත් කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන සියලු දෙනා කැබිනට් තනතුරු අත්හැරිය යුතු බවට සාකච්ඡාවක් එම කණ්ඩායම තුළ ඇතිව තිබෙනවා.
ජන අරගලයට නායකත්වය දීමට සූදානම් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ, අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පෙර ඊෙය් පස්වරුවේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
මේ වන විට ඉන්දුනීසියාව වැනි රටවල් හරිත ගිණුම්කරණය සිදුකරන බවත් එය නිශ්චිතවම ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ හරහා රටේ තිබෙන ජාතික වශයෙන් වැදගත් වන පාරිසරික සහ වනජීවී සම්පත් පිළිබඳව නිශ්චිත ගණනයක් ලැබිය හැකි බවද ඒ මහතා පවසයි.
තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කළේ ඔවුන් කලක් තිස්සේම තමතමන්ගේ බල අරමුණු වෙනුවෙන් විපක්ෂයට අවශ්‍ය පරිදි රට පාවාදීමේ ක්‍රියාදාමයක නිරත වීම නිසා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පියවර ගත්තේය. ඒ අනුව විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා කැබිනට් අමාත්‍ය තනතුරුවලින් ඉවත් කළ අතර එස්.බී. දිසානායක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කෙරිණි.
අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර, අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව පෙරේදා පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ වැඩසටහනට එක්වූ ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වනවා.
Three Fundamental Rights petitions filed challenging the legality of the Presidential Pardon granted by President to former Parliamentarian Duminda Silva were today fixed for support by the Supreme Court.
Page 191 of 551