Wednesday, July 02, 2025
Follow Us
ඉදිරි දින 14 තුළ මන්ත්‍රීවරු 10ක් පක්ෂ මාරු කිරීමේ සූදානමක්

තව සුමාන දෙකයි කැට තියලා කියන්නම්


ඉදිරි සති දෙකක කාලය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දසදෙනෙකු පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රකාශයක් සමගිනි.

එලෙස රනිල් වික්‍රමසිංහ සමග එක්වන මන්ත්‍රීවරු හ,ර,එ,ස යන අකුරු වලින් නම් පටන් ගන්නා මන්ත්‍රීවරුන් බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හෙළිකළේය.

හර්ෂ ද සිල්වා –
ගරු කථානායකතුමනි මම විතරක් නෙමෙයි අපි කණ්ඩායම ම තව ටික දවසකින් ඔය පැත්තේ (ආණ්ඩු පක්ෂය) අසුන් ගන්නවා.

මහින්දානන්ද අලුත්ගමගේ –
බලන්නකෝ තියෙන සතුට, මුදල් ඇමතිකම ගන්න ත්‍රීවිල් එකේ යනවා. පේමන්ට්වල යනවා. ඒ නිසා එකක් මතක තියාගන්න ඔයාලා බලන් ඉන්නේ මේ පැත්තට එන්නතමයි. ඒවා නිකන් දවල් හීන. හොදට මතක තියාගන්න තව මාසදෙක තුනක් යනකොට බලාගන්න පුළුවන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කීදෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගාව හිටගන්නවාද කියලා බලමු.

තව සුමාන දෙකයි කැට තියලා කියන්නම්. නම් ටික අහගන්න ඔනි ද, නම් ටික කියන්න ද. අටදෙනයි දැනට දහදෙනෙක් කතාකරලා ඉවරයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක යන්න තීන්දු කරලා ඉවරයි. ඒ සියල්ල අංකයි, නමයි, ගමයි, ලිපිනයයි ඔක්කොම දෙන්නම්.

ඒ නිසා ආණ්ඩු ගන්න එක කෙසේ වෙතත්, තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ හැත්ත පරිස්සම් කරගන්නවා.

මම අර කිව්වානේ 10ක් ගැන. හ යන්නෙන් එක්කෙනයි, එ යන්නෙන් එක්කෙනයි, ර යන්නෙන් එක්කෙනයි, ස යන්නෙන් එක්කෙනයි. ඔයාලගේ ඒ නම් ටික බලාගන්න. ඒ මුල් අකුරු 4ම කිව්වම. යැයි ඇමතිවරයා පැවසීය.

 

(Aruna)