ඉර හඳ තිබෙනතාක් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
එකට එක්ව රටක් විනාශ කර දැන් යළි නැගිටින්න නොව දැන් කියන්න ඇත්තේ එක්ව පලයල්ලා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැට්ටවීමට ඇතැමුන් උත්සාහ කළත් එම පක්ෂය යනු අළු මතින් නැඟී සිටීමට හැකි පක්ෂයක් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අරගලය අතරේ මහමැතිවරණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළත් ගෝල්ෆේස් අරගලකරුවන් එම ඉල්ලීම ඉදිරිපත් නොකිරීම නිසා අරගලය සම්පූර්ණ ජයග්‍රහණයක් කරා ගෙනයාමට නොහැකි වුණු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
වෙන්ව හොරකම් කළ අය අද එකට එක්වී හොරකම් කිරීම අරඹා ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ තම ආණ්ඩුව වුවත් මේ අර්බුදය ඇතිවූයේ තම ආණ්ඩුව නිසා නොවන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම ජාතික අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
බංකොලොත් බවට පත්ව ඇති රට ගොඩනැගීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකින් එක පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු වල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමට පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට මෙතෙක් ආරාධනා කර නොමැති බව වාර්තා වනවා. පක්ෂයේ සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහභාගී වන මෙම රැස්වීම අද පස්වරු 2ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
ලබන වසරේදී (2023) ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික. පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාවට මුදල් ලබාදුන් බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව ගල් අඟුරු මිලදී ගැනීමේදී වංචනික ගණුදෙනුවක් සිදුනොවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
Page 107 of 555