තමාට පහරදුන් බව කියමින් සමගි ජන බලවේගයේ ආණමඩුව ප්‍රධාන සංවිධායක ගාමිණී වඩිගමන්ගාව මහතාට එරෙහිව එම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක කළමනාකරුවකු පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පමණක් නොව රජයේ ඉහළ තනතුරු සදහා ඉල්ලුම් කිරීමටද ඉඩ ලබා නොදිය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.
ඖෂධ හිඟයට මෙන්ම රටේ ඩොලර් අර්බුදයටත් විසදුමක් ලබාගැනීමට කළ යුත්තේ රටින් පිට කළ ඩොලර් නැවත ගෙන්වා ගැනීම බවත් එය සිදුකළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කර නොව, වැරදි සිදු කළ කණ්ඩායම් ඉලක්ක කර බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටියා.
ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා විදේශ ගත වීමට ඊයේ රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු මන්ත්‍රීවරයෙකු වනරන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටිනවා.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් දරුවන් රැකබලාගැනීම සඳහා සුරැකුම් මධ්‍යස්ථාන පිහිට විය යුතු වන අතර එවිට අරගල වැනි කටයුතු සඳහා යන මව්වරුන්ට දරුවන් එම ස්ථානවල සුරක්ෂිතව තබා යා හැකි බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මේ මොහොතේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කිසිදු සූදානමකින් පසුනොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
යාල ජාතික වනෝද්‍යානයට ඩිෆෙන්ඩර් සහ ජීප් රථවලින් ඇතුළු වූ පිරිස අතර සිය පුත්‍රයා නොසිටි බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
රුපියල් මිලියන 75 කට අධික දේපළ සහ මුදල් අයථා ලෙස ඉපයූ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා විසින් මූලික විරෝධතාවක් ගොනුකර තිබේ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ පමණක් පුද්ගලයන් 226ක් සේවයේ යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාල මහත්මිය කියයි.
2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීම සදහා පැවැත්වූ ඡන්ද විමසීම් අවස්ථාවේ තමන් පාර්ලිමේන්තුවේ සිටියේ නම් ඊට පක්ෂව ඡන්දය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබුණු රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ අස්ථානගත වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාඩු ලබන රජයට අයත් ආයතන ප්‍රතිව්‍යූහගත කළ යුත්තේ විධිමත් ක්‍රමවේදයක් යටතේ බව කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික හරයන්ට පටහැනි කරුණු හේතුවෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීම සදහා පැවැත්වූ ඡන්ද විමසීමට තමන් සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.
Page 102 of 556