වෛද්‍යවරුන්ගේ වයස අවුරුදු 60 සීමාව මේ මොහොතේ දීර්ඝ කිරීමට නොහැකි වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට අද පිළිතුරු ලබාදෙමින්.
තමන් ආණ්ඩුවට සහාය පළකළ ද කිසිදා පක්ෂය අත්හැර නොයන බව ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පවසයි.
පියාගේ පක්ෂය යන අදහසටත් වඩා ශ්‍රී ලංකා නිදහ්ස් පක්ෂය ජනතාවගේ පක්ෂය බවත්, අස්කිරීමක් නොව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවායැයි දැන ගන්නට ලැබුණු බව ඇය පවසයි. වර්තමානයේ සිටින ලේකම් හා සභාපති යන තනතුරු වල යෙදෙන අය සාමාන්‍ය පක්ෂයක කටයුතු කරන ආකාරයටවත් කිරීමට නොදන්නා බව ඇය කියයි. මන්ද, නිදහසට කරුණු අසමින් විනය කඩකිරීම් සිදු වූයේ නම් ඒ පිළිබඳව ප්‍රශ්න කර ලිඛිතව එවීමට ඔවුන්ට හැකි නමුත් මේ වන තුරුත් ලිඛිතව හෝ වාචිකව දන්වා නොමැති බව ඇය පවසයි.
Former President Maithripala Sirisena yesterday said his party colleague Chandrika Kumaratunga is seeing things in the night and is imagining things.
රටේ පුරවැසියන් ඉලක්ක කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Subsequent to his revelation in the Parliament about forging the security sticker pasted on liquor bottles, Opposition MP Buddhika Pathirana yesterday said several hundred thousand liquor bottles with forged security stickers have already entered the market.
මෙම සතිය අවසානයේ තවත් කැබිනට් අමාත්‍යවරු පිරිසක් දිව්රුම්දීමේ සූදානමක් ඇති බවට වාර්තා ලැබෙමින් ඇතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටවූ සියලු දෙනාටම නව ලංකා නිදහස් පක්ෂයත් සමග එක්වන්නැයි ආරාධනා කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
පොහොට්ටුවට බලය හිමිව තිබු ලුණුගල ප්‍රාදේශීය සභාවේ 2023 වසර සදහා වු අයවැය ලේඛනය ඊයේ (24දා) යළිත් දෙවන වරට පරාජයට පත්විය.
මධ්‍යම කාරක සභාවේ තීරණවලට එරෙහිව ගිය ඇතැමුන් දැන් විවිධ දේ සඳහන් කරමින් පසුවුවද පක්ෂයක් ලෙස තවදුරටත් ශක්තිමත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
දේශීය ණය ගෙවීම් පිළිබඳව ගැටලුවක් මතු වී ඇති බව පවසන හර්ෂ ද සිල්වා මහතා , ජාත්‍යන්තරය සහ දේශය අතර විශ්වාසය ගොඩනැගීමට පූර්ණ වගකීම ඇත්තේද පාර්ලිමේන්තුව සහ රටේ සියලුම ජනතාව අත බවයි.
රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණ වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශ බොහෝ දෙනෙකු ලොකුකරගෙන සිටින මුත් එය ජනතා විමුක්ති පෙරමුණ කිසිඳු තැකීමකට ගන්නේ නැති බවත්, ඔහුට ලැබී තියන නොගැළපෙන බලයෙන් මත්ව දොරටු පාලකයා රජ වූ අන්දමින් සිදුකරන ප්‍රකාශ හරහා ඉකුත් කාලවල ඇතිවූ ජනතා නැඟිටීම් පිළිබඳව ඔහු තුළ ඇති වෛරය පෙන්නුම් කරමින් තිබෙන බවත්, ඒ එම ජනතා නැඟිටීම ඔහුගේ පන්තියට අභියෝගයක් වී තිබෙන නිසා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
එදා කළු පටි බැඳගෙන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ ආණ්ඩුවේ රෙදි ගැලවූ ආකාරයට අදත් එය කර පෙන්වන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අභියෝග කළේය.
Page 92 of 556