ලබන මාසයේ (දෙසැම්බරයේ) නව ව්‍යවස්ථාදායක සභාව පත්වීමත් සමඟ දැනට පවතින ස්වාධීන කොමිෂන් සභා 7 අහෝසි කර නව කොමිෂන් සභා 7ක් පත්කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙරටට කිරි දෙනුන් ආනයනය කිරීම පිටුපස දැවැන්ත වංචාවක් ඇතැයි සමස්ත ලංකා ගොවි ජන සේවා සම්මේලනය චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ කිසිදු ප්‍රමිතියකින් තොරව මෙරටට ගෙන්වූ මෙම කිරි ගවයින් හේතුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් රෝග දෙකක්ද පැමිණ ඇති බවයි.
Both Cabinet and Parliament should question Central Bank officials about the recent decisions they have made with regard to the economy, Minister Bandula Gunawardena told Parliament yesterday.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය මර්ධනය, රාජ්‍ය මිලේච්ඡත්වය, ජනතා අයිතිය හා මිනිසුන්ගේ නිදහස අවහිර කිරීම, මානව අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා උත්සාහ කරමින් සිටින බවත් එය ඔවුන්ගේ ජාතික න්‍යායපත්‍රයේ ඉහළටම ගෙන ඒමට උත්සාහ කරන බවත් පාර්ලිමේන්තුවේදී පවා පොදුජන අරගලයක් පැමිණියහොත් ආරක්ෂක අංශ උපයෝගී කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කර ගෙන මර්දනය කළත් ඒ සඳහා බිය වීමට කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත් පුරවැසියන් වුවත් නිවටයන් ලෙස නොව නිර්භීතව, අභීතව කටයුතු කරන නිසා මේ මර්දනයන්ට කිසිදු අවස්ථාවක බිය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට (25) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මෙම වසරේ ජූනි මස 30 වනදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් බිලියන 773ක් බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා.
අමාරුකම් ඇතත් මේ වනවිට රටේ සාමාන්‍ය කටයුතු යළිත් සිදුවෙමින් ආර්ථිකය යළි ක්‍රියාත්මක තත්වයට පත්ව ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ අනුමතිය හිමි විය.
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
මේ මොහොතේ රට ගොඩගැනීම සඳහා ඉදිරිපත්ව සිටින පරිණතම අත්දැකීම් සහිත නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් රට වෙනුවෙන් සියලු දෙනාම ඒ මහතාට සහාය ලබාදිය යුතු බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
අයවැය කාරක සභා විවාදය අතරතුර ජනධිපතිවරයා නැගිට වරින් වර අරගලයට පහරදෙන්නට පටන් ගෙන තිබෙන අතර එසේ සිදුවන්නේ අයවැයෙන් ජනතා සහන නොමැති නිසා අරගලයක් මඟ එන බව ඔහුගේ දේශපාලන අත්දැකීම් අනුව පෙනෙන න්නිස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
නීති විද්‍යාලයේ පමණක් නොව පෙරපාසලේ සිට මෙරට අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවිය යුතු ලෙස වෙනස් විය යුතු බවත් මීට පෙර සිංහල පමණක් යැයි කියූ නිසා පරම්පරා ගණනාවකට අහිමි වූ ඒ වරප්‍රසාදය නිසා නැවත සවිබල ගැන්වීම මේ මොහොතේ සිට වුව ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය නමුත් එය එකවර සිදු නොවිය යුතු බවත් ක්‍රමානුකූලව සිදුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම සහ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින කණ්ඩායම අතර මේ වන විට මතුව තිබෙන උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් පහව ගොස් නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රි දෙසිය විසිපස්දෙනා අතරින් තිස් දෙදෙනකු ව්‍යාපාරිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ පෞද්ගලික තොරතුරුවල සඳහන් වේ.
බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා උතුරු – නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ වෙතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට එකඟතාවක් ඇති කරගෙන තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා දෙසැම්බර් 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ නියම කළා.
Page 91 of 556