පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රාමනාදන් මහතා මහතාට සභාව ඇමතිමට කාලය ලබා නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් එය විපක්ෂයේ වරදක් බවත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවම ලැජ්ජා විය යුතු බවද සභානායකවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට චෝදනා කළත් මන්ත්‍රීවරයාට කතා කිරීමට වෙලාව ලබාදීම සිදුකරන්නේ විපක්ෂය විසින් බැවින් මේ සඳහා විපක්ෂනායකතුමා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු එහි නායකයින් වගකිව යුතු බවයි.