Wednesday, January 07, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අගමැති කාර්යාලයෙන් ප්‍රවාහන පහසුකම්

ඉන්ධන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයීමට අග්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති තනතුරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට පසුගිය 19 සහ 20 දිනවලදී අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා මන්ත්‍රීවරුන් පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයා දී තිබිණි. මේ වනවිට ඉන්ධන අර්බුදය තරමක් සමනය වී ඇති නමුත් ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් පීඩා විඳිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තවත් මාස දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ප්‍රවාහන පහසුකම් සැපයීමට තීරණය කර තිබේ.

LNW