Wednesday, January 07, 2026
Follow Us
අපි ඡන්දෙ දුන්නා, අපි ඉල්ලපු දේවල් දෙන එක ජනාධිපතිගෙ වගකීමක් – විග්නේෂ්වරන්

ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ ඔහු සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු අනුව බවත් දැන් එම එකඟතා ඉටු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරද්දී පැවති මෙම සාකච්ඡාවේදී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇති අතර එම ඉල්ලීම් ඉටු කිරීමට ඔහු පොරොන්දු වූ බවයි විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙන්නේ.

‍ඊයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

LNW