Wednesday, January 07, 2026
Follow Us
ජනපති සමග සාකච්ඡාව ජවිපෙ වර්ජනය කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගි නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. අදාල සාකච්ඡාව සඳහා සහභාගි වන බව ජවිපෙ නායකයන් මීට පෙර ප්‍රකාශ කර තිබූ නමුත් ඊයේ සවස ඔවුන් තීරණය කර තිබෙන්නේ සාකච්ඡාව සඳහා සහභාගි නොවීමටයි.

කෙසේ නමුත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත බාරදීමට ජවිපෙ සැළසුම් කර තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම ජවිපෙ සමග පැවැත්වෙන සාකච්ඡාව අවසන් වනතෙක් ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බවයි ජනාධිපතිවරයා ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණේ.

LNW