Tuesday, January 06, 2026
Follow Us
කොල්ලෝ කෙල්ලෝ මර්දනය කරලා ගොඩයන්න නම් හිතන්නේ නාමල් ඔයාට අබ සරණයි – මරික්කාර්

මහින්දානන්දලා,රෝහිතලා,ජොන්ස්ටන්ලා සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින් වර හදිසි නීතිය බලාත්මක කරමින් මර්දනයට සහය දිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පෙන්වාදුන්නේය.

ඒ, අද (08) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සකස් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් නතුරුව එය රටට හොද නම් සහය දිය හැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට සහය දීමට ඇමතිකම් අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළේය.

”මේ දවස් වල අන්තර් ජලයේ යනවා QR කෝඩ් එක නිසා පෝලිම් අඩුවුණා, ඇමති කාංචන හොඳ වැඩක් කළේ කියල. මොන ලැජ්ජා නැති කතාවක්ද මේ. 2019 නොවැම්බර් 16ට කලින් අපිට හිතුන ඕන වෙලාවක ෂෙඩ් එකට ගියා විනාඩි පහක්වත් පෝලිමේ ඉන්නේ නැතුව ෆුල් ටෑන්ක් ගහගෙන ගියේ. දැන් මොකක්ද QR කෝඩ් එක ගෙනල්ලා කරන්නේ. ලීටර් 20යි හම්බෙන්නේ වාහනයකට. ත්‍රීවිල් රැකියාව කරන මහත්තුරු නන්නත්තාර වෙලා තියෙන්නේ. මම ඒක හොඳටම දන්නවා. කොළඹ අගනගරයේ ත්‍රීවිල් වලින් හම්බකරලා ආදායම් අරගෙන දරුවන්ට උගන්නන,කන බොන ඔක්කොම කරන අයට ලීටර 05 ක් විතර හම්බෙලා මොනවා කරන්නද. ඒ නිසා QR කෝඩ් එකෙන් කාංචන හොඳ වැඩක් කළේ කියන අය අමු ගොබ්බයො කියලයි මට කියන්න තියෙන්නේ.”

මේ අතර තරුණ තරුණියන්ගේ මතයන් මර්දනය කර දේශපාලනය කිරීමට නාමල් රාජපක්ෂ සිතන්නේ නම් ඔහුට කීමට ඇත්තේ ”අබ සරණයි” යන්න බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

 

LNW