Monday, April 20, 2026
Follow Us
ජනපති රනිල්ගේ ආරාධනය ජවිපෙ පිළිගනී. සාකච්ඡාවට දින නියම වෙයි

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය පිළිගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (09) පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියම කරගෙන ඇති බවයි ජවිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එක් නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

LNW