Friday, January 02, 2026
Follow Us
අගමැතිගේ ඉල්ලීමට විපක්ෂයෙන් ලැබුණු ප්‍රතිචාරය

පාර්ලිමේන්තුව වර්ජනය කර ඇති විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ජනතාව නොමග යැවීම සදහා පමණක් බව සමගි ජනබලවේගය පවසනවා. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද සාකච්ඡා කිරීමට එක්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

කෙසේවෙතත් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය ඊයේ දිනයෙන් අවසන් වුණා.

Neth