Friday, July 04, 2025
Follow Us
රනිල්ගේ විවේචනයට ශවේන්ද්‍රගෙන් උත්තර

කාර්ය සාධක බළකායේ තීරණ තනි තීරණ නෙවෙයි


කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් සිදු කරන කාර්යභාරය සහ ත්‍රිවිධ හමුදාව මගින් සිදුකරනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවේචනයට ලක් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් යුධහමුදාපතිවරයා සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බළකායට චෝදනා කළ ද ඔහු කොවිඩ් මර්දන එන්නත ලබාගත්තේ යුද හමුදාවේ මූලික රෝහල වන නාරාහෙන්පිට රෝහලෙන් බවයි.

යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව අතර විශාල ප්‍රසාදයක් තිබේ.

 

මෙවන් විශාල ප්‍රසාදයක් පළ කරමින් සිටින අවස්ථාවක එක් පුද්ගලයකු පමණක් එය විවේචනයට ලක් කිරීම් පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් ඒ පිළිබඳ අදහසක් දැක්වීම තම වගකීමක් බව යුධහමුදාපතිවරයා පවසයි.

මේ අවදානම් කාල වකවානුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සමඟ එකතු වී රණවිරුවන් විසින් සිදුකරගෙන යනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ විවේචනයට ලක් කරන පුද්ගලයන් පිළිබඳව රටේ ජනතාව දැනගත යුතු කාරණාව වන්නේ එම වැඩපිළිවෙල විවේචනය කරන පුද්ගලයා කෝවිඩ් එන්නත ලබා ගනු ලැබුයේ ද යුධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානයකට පැමිණ බවයි .
ඔහුට ශ්‍රී ලංකා යුද හමුදාව තුළින් එන්නත ලබා ගැනීමට අවශ්‍ය වුණා නම් රටේ ජනතාව එන්නත් කිරීම වැරදි කියනවා නම් ඒ පිළිබඳව තීරණයක් ගත යුතුව තිබේ.
මේ අතර කාර්ය සාධක බළකාගේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා බවත්, එහි සෞඛ්‍ය සම්බන්ධයෙන් සිටින අමාත්‍යවරුන්, කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හා විශේෂඥ වෛද්‍යවරුන් ද සාමාජිකයින් වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

(Aruna)

ඒ අනුව කාර්ය සාධක බළකාය ගනු ලබන තීරණ සාමුහික තීරණ මිසක තනි තීරණයන් නොවන බව ද ඔහු අවධාරණය කළේය.