කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ, සඳහා පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතියද පරික්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ.
කෙසේ වෙතත් කොරෝනා ආසාදනය වූ මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් පාර්ලිමේන්තුවට වැඩි අවදානමක් නොමැති බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා. කෙසේවෙතත් තවදුරටත් එම කැමරා පද්ධති පරික්ෂා කිරීම් සිදු කරන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක තිස්ස කුට්ටිආරච්චි, රෝහණ දිසානායක සහ දිලිප් වෙදාරච්චිට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
එම පිරිසෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි කොරෝනා ආසාදනය වීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක ඉකුත් අගහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයාද ඉකුත් සතියේ දින දෙකක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
(Neth)