Saturday, February 14, 2026
Follow Us
පාර්ලිමේන්තු විශේෂ සැසිවාර දෙකක්

විශේෂ පාර්ලිමේන්තු දින දෙකක් ප්‍රකාශයට පත්කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාවක් ලබාදීමට මෙලෙස විශේෂ දින දෙකක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ද මෙයට එකඟතාව හිමිව තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 6 වනදා සහ 27 වනදා විශේෂ දින දෙකක් ලෙස පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

එම යෝජනාව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර ඇති අතර එහිදී පක්ෂ විපක්ෂ සමාජිකයින් එයට එකඟතාව පළකර තිබේ.

(Aruna)