Saturday, July 05, 2025
Follow Us
වංචා දූෂණ ගැන හොයන්න වෙලාවක් නෑ ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන්නෙ රට සංවර්ධනය කරන්න - ජොනී

වංචා දූෂණ සොයමින් කාලය නාස්ති කිරීමට වඩා වත්මන් ආණ්ඩුව ප්‍රමුඛතාවය ලබා දෙන්නේ සංවර්ධන කටයුතු සිදු කිරීමට බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ සැළසුම් කටයුතු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ආරම්භ කළ අතර එම සැළසුම් නිසි පරිදි ක්‍රියාත්මක වූවා නම් මීට වසර දෙකකට ඉහතදී විවෘත කිරීමට හැකිව තිබූ බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කෙසේ නමුත් පසුගිය යහපාලන ආණ්ඩුව එම ව්‍යාපෘතිය දිගින් දිගටම ප්‍රමාද කිරීම හමුවේ මධ්‍යම අධිවේගී මාර්ගය තවමත් අවසන් කරගත නොහැකි වී ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

වටරවුම් අධිවේගී මාර්ගය මංතීරු 06 කට සැළසුම් කර තිබූ නමුත් යහපාලන ආණ්ඩුව එය මංතීරු 04 ක් දක්වා අඩුකර ඇති බවත්, ඒ හරහා යම් වංචාවක් සිදුව ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ ඒ පිළිබඳව විමර්ශන සිදු කරන බවයි.

(LNW)