Friday, July 04, 2025
Follow Us
සමහරු ඔලිම්පික් ගියේ ට්‍රිප් එකක් යනවා වගේ එක ක්‍රීඩිකාවක් සපත්තු දෙක ලංකාවෙ තියලා ගිහින් - ක්‍රීඩා ඇමති

මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගි වුවද ඔවුන්ගෙන් පරිසාධන මට්ටම ඉක්මවමින් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ඔලිම්පික් තරගාවලියකට සහභාගි වී පදක්කම් දිනා ගැනීම දිගුකාලීන ක්‍රියාවලියක් බවත්, මෙවර සත්කාරක ජපානය තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ වසර 15 ක පමණ දිගුකාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් අනුව බවත් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. සෙසු රටවල් එසේ කටයුතු කරද්දී ශ්‍රී ලංකාවට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවත්, මාස 06 න් 06 ට ක්‍රීඩාව සම්බන්ධ තීන්දු තීරණ වෙනස් වන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් තරගාවලියට සහභාගි වන්නේ ට්‍රිප් එකක් යන ආකාරයෙන් බවත්, එවැනි තත්වයක් තිබියදී ඔලිම්පික් පදක්කම් පිළිබඳව තබා ඒ ඒ ක්‍රීඩකයන් පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරනු ඇතැයි බලාපොරොත්තු තැබීමට හෝ නොහැකි බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ එක් ක්‍රීඩිකාවක් තරගවලට සහභාගිවීමේදී පළඳින සපත්තු යුගලය පවා ශ්‍රී ලංකාවේ තබා ගොස් සිටි බවයි.

(LNW)