Saturday, November 08, 2025
Follow Us
කොතලාවල කෙටුම්පත ගැන ශ්‍රීලනිප කමිටු වාර්තාවක්

ආන්දෝලනයකට ලක්ව පවතින කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කළ කමිටුවේ වාර්තාව අද එම පක්ෂයට ඉදිරිපත් කෙරේ. එම පක්ෂයේ උපසභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබූ එම කමිටුවට පක්ෂ තරුණ සංවිධානයේ සහ උපාධිධාරී සංවිධානයේ නියෝජිතයෝ ද අයත් වෙති.

මෙම වාර්තාව පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමට අද ඉදිරිපත් කර තවදුරටත් සාකච්ඡා කෙරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර පැවැසීය.

එම සාකච්ඡාවේ දී තීරණය කෙරෙන සංශෝධන ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවත් හෙතෙම කීවේය.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේ දීය.

(Aruna)