2017 වසරේදී වසරේ එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇත්රජගම, සියත් ලංකාගම, සිරිබරගම ඇතුළු ගම්මාන පහක් ඉදිකිරීමට කටයුතු කළ අතර මේ වන විට ප්‍රෝඩාකාරි ලෙස වත්මන් ආණ්ඩුව එම ගම්මාවල නිවාස 213ක පදිංචි නිවැසියන් ඉවත් කොට තමන්ගේ හිතවතුන්ට එම නිවාස සහ ඉඩම් විකිණීමට කටයුතු යොදමින් සිටින බව වාර්තාවීමත් සමග විපක්ෂ නායකවරයා ඊයේ (31) පෙරවරුවේ එම ප්‍රදේශයේ ජනතාව හමුවී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය.
එම අවස්ථාවට සමගි ජනබලවේගය නියෝජනය කරන නීතිඥ කණ්ඩායමක් ද එක්වූ අතර ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියෙන් අසාධාරණයට පත්වන සියලු දෙනාට අවශ්‍ය නීතිඥ සහාය නොමිලයේම ලබාදෙන බවද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
(LNW)