Saturday, July 05, 2025
Follow Us
රට සහ ජනතාව ගැන නොසිතුවොත් වත්මන් ආණ්ඩුවට අත්විය හැකි ඉරණම ගැන රජයේ ඇමැතිවරයෙකුගෙන් අනාවැකියක්

රට සහ ජනතාව ගැන සිතා කටයුතු නොකළහොත් ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම ඉදිරියේදී ආණ්ඩුවටද අත්වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මහ බැංකු බැදුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තවදුරටත් නිදැල්ලේ සිටීම තමන්ට මෙන්ම ජනතාවට ද ප්‍රශ්ණයක් බවයි.

(Neth)