Friday, April 19, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මට නඩු දායි කියා මම හිතන්නෙ නෑ. ඒවා ගැන කතා කිරීම සුදුසුත් නෑ - මෛත්‍රී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුවනු ඇතැයි තමන් නොසිතන බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරීමක් කරනවා කියලා අධිකරණ ඇමතිතුමා කියලා තියෙනවා ඉදිරි සති දෙකේදී. ඔබතුමාට විරුද්ධව එහෙම ගත්තොත් ආණ්ඩුවෙන් වෙන්වීයාමේ තත්ත්වයක් තියෙනවාද ?

"මම හිතන්නෙ නෑ එවැනි තත්වයක් ඇතිවෙයි කියලා. ඒ මොකද විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය මොන මොන විදිහේ තීන්දු තීරණ ගන්නවාද ඒක අපට කියන්න බෑ, ඒවා ස්වාධීන ආයතන. ඒ පිළිබඳව කතා කිරීම සුදුසු වන්නේ නැහැ. මොකද අධිකරණයේ විභාගවෙන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කතා කිරීම සුදුසු නැහැ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (29) ගාල්ල ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)