Saturday, July 05, 2025
Follow Us
බදියුදීන්ගේ නිවසේ පිළිස්සී මියගිය ඉෂාලිනීගේ දේහය අද ගොඩ ගැනේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය අද ගොඩගැනීමට නියමිතයි. ඒ, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.

ඉෂාලිනීගේ දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝගයක් ලබාදුන්නා. ඒ අනුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැඩි ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙයසි නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට ඊයේ නියෝග කළේ.

දැරියගේ දේහය මිහිදන් කර ඇත්තේ හැටන් ඩයගම බටහිර කොටසේ පොදු සුසාන භූමියේයි. ඒ අනුව නිරෝධායන උපදෙස්වලට අනුව කොළඹ සිට අදාළ ප්‍රදේශයට ගොස් සිටින විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේදී දැරියගේ සිරුර අද උදෑසන 08 යි 30 ට ගොඩගැනීමට නියමිතයි.

(Neth)