Thursday, April 25, 2024
Follow Us
අපි ටෝකියෝ ආවෙ අපේ වියදමෙන්, කෙහෙළිය කිව්වෙ බොරු - රොෂාන් රණසිංහ

තමන් ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලසීමාව තුළ ජපානය වෙත පැමිණියේ තම පෞද්ගලික වියදමින් බවත්, ජපානය වෙත ඒමට සහ ජපානය තුළ රැඳී සිටින කාලය තුළ සිදුවන වියදම් සඳහා රජයේ මුදල් හෝ පෞද්ගලික ආයතනවල මුදල් හෝ වියදම් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මෙම සංචාරය සඳහා වන සියලු මුදල් තම පෞද්ගලික මුදලින් වැය කරන බවයි රාජ්‍ය අමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ.

පෙරේදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අමතරව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ පෞද්ගලික ආයතනවල අනුග්‍රාහකත්වය යටතේ ඔවුන් ඊට සහභාගි වී ඇති බවයි.

කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ කාර්යාලය පවසන්නේ එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

(LNW)