Saturday, July 05, 2025
Follow Us
ඉෂාලිනී දැරියගේ මරණය ගැන අධිකරණයට විශේෂ වාර්තාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි 11 දෙනාගෙන් පස්දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පවසනවා.

අදාළ ප්‍රකාශවලින් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය 16 හැවිරිදි දැරියගේ දේහය හෙට දිනයේදී ගොඩගන්නා බව ඒ සම්බන්ධයෙන් පත් කළ විශේෂ පොලිස් කණ්ඩායම නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශයේ සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මේවනවිටත් දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයට පැමිණ සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවන්ගෙන් ඔවුන් අද දිනයේ ද ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ

(Neth)