Saturday, April 20, 2024
Follow Us
පාර්ලිමේන්තුවේ චණ්ඩි කතා වලින් වැඩක් නැහැ. පුළුවන් නම් විවෘත විවාදයකට එන්න - හරීන්ගෙන් පොලිස් ඇමතිට අභියෝගයක්

තමන්ව පොලීසි ගානේ රස්තියාදු නොකර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට අභියෝග කළේය.

ඒ, අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පැය පහක පමණ කාලයක් තමන්ගේ පොලීසිය ප්‍රශ්න කළ අතර තවදුරටත් තමන්ගෙන් විමසනු ලබන්නේ පාස්කු ප්‍රහාරයට පෙර තමන්ගේ පියා දැනගෙන තිබුණු කරුණ පිළිබඳව බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේය.

එම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවද තමන්ව නිදහස් කර ඇති තත්ත්වයක් මත පොලීසිය තවදුරටත් තමන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඒ ගැන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

 

(LNW)