Friday, April 17, 2026
Follow Us
කෙටි කාලීන ණය සංචිත අර්බුදයට විසදුමක් නොවන බව මන්ත්‍රී හර්ෂ කියයි

මෙරට විදේශ සංචිත සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය හැක්කේ ලබන වසරේ සිට බව සමගි ජන බලවේලගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ආණ්ඩුව විසින් ඩොලර් බිලියනයක ණය වාරිකයක් පසුගියදා ගෙවා දමා තිබුණා. ඒ, සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල් කියා සිටියේ අදාල ණය වාරිකය ගෙවා දැමීම මඟින් ආණ්ඩුව විදේශ සංචිත කළමනාකරණය මැනවින් සිදු කර ඇති බව පැහැදිලි වන බවයි.

විපක්ෂය සංචිත අර්බුදයක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ පදනම් විරහිත බව එමඟින් පැහැදිලි වී ඇතැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාරිලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් දැක්වූයේ මෙලෙසයි.

කෙටි කාලීන ණය මඟින් විදේශ සංචිත වැඩි කර ගැනීම සංචිත අර්බුදයට විසදුමක් නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)