Friday, April 17, 2026
Follow Us
කොතලාවල කෙටුම්පත ගැන මන්ත්‍රීන්ට වැඩමුළුවක්

කොතලාවල විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට පෙර එම පනත් කෙටුම්පත පිළිබඳ ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා එළැඹෙන 03 වැනිදා වැඩමුළුවක් පැවැත්වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ එදින (අඟහරුවාදා) පස්වරු 2.00 ට වැඩමුළුව පැවැත්වෙන අතර එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවද රැස්වේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය, පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය 06 වැනිදා පැවැත්වේ.

(Aruna)