Friday, March 29, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්න හරීන් හෙට රහස් පොලීසියට !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රහස් පොලීසිය වෙත කැඳවා තිබෙනවා. මන්ත්‍රීවරයාට දැනුම් දී තිබෙන්නේ හෙට (28) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හරීන් ප්‍රනාන්දු මහතා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

(LNW)