Thursday, May 16, 2024
Follow Us
රන්ජන්ගේ නිළ නිවස මනුෂ අරන් රන්ජන්ටම දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිරගතවීමත් සමග ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරිණි. ඒ හේතුවෙන් රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස සංකීර්ණයේ පිහිටි නිවස ඔහුට අහිමි වූ අතර එම නිවස යළි බා‍ර දෙන්නැයි දන්වා තිබිණි.

කෙසේ නමුත් මෙතෙක් මාදිවෙල නිවාස සංකීර්ණයේ නිළ නිවාසයක් ලබාගෙන නොසිටි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අදාල නිවස වෙන් කරගෙන තිබෙනවා. ඔහු පවසන්නේ තමන් එම නිළ නිවස ලබා ගත්තද එහි පදිංචිවීමේ අදහසක් නොමැති බවයි. රන්ජන් රාමනායක මහතාගේ කාර්ය මණ්ඩලය සඳහා යළිත් එම නිවස ලබාදෙන බවත්, ඔවුන්ට තවදුරටත් එම නිවස භාවිතා කිරීමේ අවස්ථාව හිමිවන බවත් මනුෂ නානායක්කාර මහතා පවසනවා.

තමා මන්ත්‍රී ධුරයේ රැඳී සිටින තෙක් රන්ජන් රාමනායක මහතාගේ ජනතා සේවය වෙනුවෙන් එම නිවස භාවිතා කිරීමට අවස්ථාව හිමිවන බවයි නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාද රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් නිවසක් ලබාදීමට ඉදිරිපත්ව සිටින බව පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා විය.

(LNW)