Saturday, July 05, 2025
Follow Us
අපි අපේ ප්‍රශ්න ජනාධිපතිතුමාට කිව්වා. ආණ්ඩුව දාලා යන අදහසක් අපේ නැහැ - දයාසිරි

විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුකරණයට සම්බන්ධ කර නොගැනීමේ ප්‍රශ්නය ඉතාම පැහැදිලිව ජනාධිපතිවරයාට පැවසූ අතර ආණ්ඩුව හැර යාමේ අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුකරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ස්ථිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට නියමිත බවයි එහිදී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

ශ්‍රීලනිපයද මැදිහත් වී සැදු ආණ්ඩුවක් වන හෙයින් ආණ්ඩුවෙන් ඉවත්වීමේ අදහසක් නැති නමුත් ආණ්ඩුවට එරෙහිව පවතින ප්‍රශ්න ගැනද ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කළ බව ඔහු වැඩිදුරටත් කියාසිටින ලදී.

(LNW)