ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කළේ අද පෙරවරු 11ට එම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බවයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇති කරගත් ගිවිසුම් පදනම් කර ගනිමින් මෙම සාකච්ඡාව පවත්වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළා.
ආණ්ඩුවෙන් ඉවත්වයාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීමේ වගකීමක් පක්ෂයට ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
අද පැවැත්වෙන එම සාකච්ඡාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
අර්බුද පැවතියද ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
(Neth)