ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිවෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි ප්‍රකාශ කර නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ප්‍රශ්නය - ඇමතිතුමා අද ඔබතුමන්ලාගෙ නායකතුමාත් ඇවිල්ලා නැහැනේ ?
"එතුමා අද පොලොන්නරුවේ ඉන්නේ. අත්‍යාවශ්‍ය දෙයකට ගිහින්"
ප්‍රශ්නය - එතුමාට දේශපාලනය ගැන කළකිරිලාද මේ ඉන්නෙ ?
"එතුමාගෙන් අහන්න ඒක"
ප්‍රශ්නය - දැන් මොකක්ද මේ ඔබතුමන්ලාට ආණ්ඩුවෙන් කෙණෙහිලිකම් වෙනවා කියලා නිතරම මේ කියන්නෙ ?
"නිකම් ඔබතුමන්ලා මේ ගොම දාන්න යන්න එපා කිරි මුට්ටියට"
ප්‍රශ්නය - නමුත් ඔබතුමන්ලා වගේ ජ්‍යේෂ්ඨ පක්ෂයකට මෙහෙම යන්න යන්න කියද්දීත් මෙහෙම රැඳී ඉන්නකොට පාක්ෂිකයින්ට මොනවාද හිතෙන්නෙ ?
"නෑ, නෑ, එහෙම කවුරුත් අපට යන්න කියලා නෑ. තමුන්නාන්සෙලා තමයි මේ අර්බුද හදන්නේ"
ප්‍රශ්නය - අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් වෙයිද ඉස්සරහට ?
"ඒක ගිහින් ජනාධිපතිතුමාගෙන් අහන්න"
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹදී පැවති ශ්‍රීලනිප හිටපු මහලේකම් ධර්මසිරි සේනානායක මහතාගේ ගුණසමරු උත්සවයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)