Saturday, November 08, 2025
Follow Us
තරුණියක දුෂණය කිරීමේ සිදුවීමකට බදියුදීන්ගේ තවත් ඥාතියෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ද තවත් සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ මන්ත්‍රීවරයාගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ තවත් සිද්ධියක් සම්බන්ධයෙනි.

මේ අනුව අදාළ විමර්ශනවලදී’ මන්ත්‍රීවරයාගේ නිවසේ පසුගිය 2015 සිට 2019 වසර දක්වා කාලය තුළ මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක තොරතුරු අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ආදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ වන විට 22 හැවිරිදි වියේ පසුවන එම තරුණියගෙන් සිදුකර ඇති ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය අනාවරණය වී තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා වන අතර සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

(Aruna)