Thursday, May 16, 2024
Follow Us
ගම්මන්පිලට අපි නඟපු චෝදනා අදටත් වලංගුයි. මතගැටුම ඉදිරියටත් තියෙනවා - පොහොට්ටු මහලේකම්

ආණ්ඩුවට හානියක් සිදු නොවීම සඳහා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කළ නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව තමන් එල්ල කළ චෝදනා තවමත් වලංගු බවත් ඔහුත් සමග වන මත ගැටුම ඉදිරියටත් පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

"විපක්ෂයට ඕනෙ දෙයක් කියත හැකි. නමුත් අපි මේ වෙලාවෙ මේ කාරණය උඩ ශක්තිමත් ආණ්ඩුවට හානියක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ වගේම මේ රට විනාශ කරපු යූඑන්පීයට වත් ඔය සමගි ජන බලවේගයටවත් නැවත කිසිම ආකාරයකින් බලයට එන්න ඒ බලය ගන්න ඉඩ තියන්නෙ නෑ. නමුත් අපි නඟපු චෝදනා අදටත් වලංගුයි"

ප්‍රශ්නය - ඔබතුමා අද ගම්මන්පිල ඇමතිතුමාව හම්බුණාද, කතා කළාද ?

"නෑ, නෑ. ගම්මන්පිල මැතිතුමා සමග මගේ මේ පුද්ගලික වෛරයක් නැහැ. කාරණය සම්බන්ධයෙන් තියන මතගැටුම තවමත් තියෙනවා, ඉදිරියටත් තියෙනවා"

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යද්දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)