Saturday, November 08, 2025
Follow Us
විපක්ෂයට ඇමති රත්තරංගෙන් අභියෝගයක් ....

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමේදී විපක්ෂය අන්ත පරාජයකට ලක් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

"විශ්වාසභංග ඡන්ද විමසීමෙදි විපක්ෂය අන්ත පරාජයකට පත් කරනවා. අන්ත පරාජයකට ! පුළුවන්කමක් තියෙනවා නම් විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න කියලා අපි අභියෝග කරනවා.

හැම සීට් එකක්ම ෆුල්වෙලා තියෙන්නෙ. හැබැයි අපට ඕනෙ වුණොත් එහෙම ඕනෙ තරම් ඒ පැත්තෙන් අපට ගන්න පුළුවන් අය ඉන්නවා. දැන්ම ගන්නෙ නෑ, අවශ්‍ය වුණොත් ඒ වෙලාවට ගන්න තමයි ලෑස්ති" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)