Saturday, November 08, 2025
Follow Us
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එම රැස්වීම අද පස්වරු 6ට කොටුව ජනාධිපති මන්දිරයේ දී ඇරඹීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව තිබෙන විශ්වාසභංග යෝජනාව සාකච්ඡා කිරීම සහ යෝජනාවට පක්ෂව අදහස් පළකළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළකරමින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත භාර දෙනු ලැබූ අතර හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී පාර්ලිමේන්තුවේදී එය විවාදයට ගැනීමට නියමිතය.

(Aruna)