Tuesday, May 07, 2024
Follow Us
කොතලාවල පනත තාවකාලිකව නොව ස්ථිරවම හකුළා ගත ගත යුතුයි - NPP

කොතලාවල විශ්ව විද්‍යාල පනත නිදහස් අධ්‍යාපනයටත් අධ්‍යාපනයේ නිදහසටත් බලපෑම් කරන විශාල ඛේදවාචකයක් විය හැකි හෙයින් එය වහාම හකුළා ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

ඒ, (17) ජාතික ජන බලවේගය විසින් කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේ අනාගතය තීරණය වන්නේ අධ්‍යාපනය මත වන අතර කිසියම් හෝ දරුවෙකුට තමන්ට මුදල් තිබෙනවාද ? නැද්ද? යන්න මත අධ්‍යාපනයෙන් ඉදිරියට යාම ගැන තීරණය කරන තැනට පත්නොවිය යුතු බවයි අනුර දිසානායක මහතා අවධාරණය කළේ.

පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද කටයුතු කරමින් සිටින්නේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට බව ඔහු කියාසිටියේය.

''කොතලාවල පීඨය ආරම්භ කළේ විශේෂයෙන් හමුදාවට අවශ්‍ය වන වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්,ඇතුළු සහායක බලකායන් නිර්මාණය කරන්න. එය කිසිසේත්ම අපේ රටේ පොදු අධ්‍යාපන ක්‍රියාවලියේ ආයතනයක් නොවෙයි. ඕනෑම රටක තමන්ගේ හමුදාවට අවශ්‍ය වෙන නිලධාරීන් සහ අනෙකුත් සහායක පුහුණුකරුවන් සඳහා අධ්‍යාපන පීඨයන් තිබෙනවා. නමුත් අද ආණ්ඩුව උතසහ කරමින් තිබෙන්නේ එය අපේ රටේ ප්‍රධානම අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත්කරන්න. එය අපේ රටේ අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමක්.''

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් බාහිර හමුදා යාන්ත්‍රණයෙන් ගොඩනැගුණු විශ්ව විද්‍යාල පද්ධතියක් ගොඩනගන්නත් එය මුදල් ලබා සිදුඅක්රන අධ්‍යාපනයක් බවට පත්කරන්නත් මේ තුළ සූදානමක් පවතින බවයි අනුර දිසානායක මහතා කියාසිටියේ.

(LNW)