Wednesday, May 08, 2024
Follow Us
විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා සජිත් - කරූ එකම වේදිකාවක ...

රටේ ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා "විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ ආරම්භක සමුළුව" ඊයේ (17) නාරාහේන්පිට ජානකී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙය සංවිධානය කර තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසිනි.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට සමගි ජන බලවේගයේ නියෝජිතයින්, දෙමළ ප්‍රගතිශීලී සංධානය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, සමස්ත ලංකා මහජන පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියහ.

රට ගොඩනැඟීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු අතර වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡාවට භාජනය වී තිබිණි.

(LNW)